තහනම් කල ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල සාමාජිකයන්ට තවත් නිවේදනයක්

Thursday, 15 April 2021 - 20:14

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන එකොලහේ සාමාජිකයින් මේ වනවිට මුස්ලිම් පල්ලිවල භාරකාර මණ්ඩලවල සාමාජිකත්වය දරන්නේ නම් ඔවුන්ට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස වකුෆ් සභාව දැනුම් දෙනවා.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් සඳහන් කළේ අද පැවති වකුෆ් සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේදා නිකුත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා, අල්කයිඩා, සේව් ද පර්ල් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙලෙස තහනම් කෙරුණා.  

මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ සංවිධානවල සාමාජිකයෙකු වීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම් සංකේත, ලාංඡන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම තහනම් වනවා.

එසේම, රැස්වීම් කැඳවීම, පැවැත්වීම හෝ ඊට සහභාගිවීම, එම සංවිධාන ප්‍රවර්ධනය කිරීම, උපදෙස් දීම, ආධාර කිරීම, ගණුදෙනුවල නිරත වීම සහ ඒ වෙනුවෙන් තොරතුරු පතුරුවා හැරීමද තහනම් වන බව ද අදාල ගැසට් නිවේදනයේ දක්වා තිබුණා.

ඒ අනුව, අදාළ තීරණය ගනු ලැබූ බවයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් වැඩිදුරටත් සඳහන් කළේ.