උත්සව සමයේ නෑගම් සහ විනෝද චාරිකාවල නිරතවන්නන්ට පොලිසියෙන් උපදෙස් (වීඩියෝ)

Thursday, 15 April 2021 - 21:18

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
උත්සව සමයේ නෑගම් සහ විනෝද චාරිකාවල නිරතවන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව පොලිසිය පවසනවා.

මේ අතර, අද තවත් කොවිඩ් ආසාදිතයින් 127 දෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමග මෙරට කොවඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 95,864ක්
දක්වා ඉහළ ගියා.

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන්.

එම ගණන 26ක්.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වනවා.

ගෙවුණු දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 604ක් ලෙසයි.

හිරිවඩුන්න ප්‍ර දේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මේ අතර, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2982කු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව
ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 92150ක්.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 925,242කුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය 11 වැනිදා සිට එන්නත් ලබාදීම සිදු නොකෙරුණු බවයි එම ඒකකය වාර්තා කළේ.

මේ අතර, අලුත් අවුරුදු උත්සව සමයේ නුවරඑළිය නගරයට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙමින් සිටින බව නුවරඑළිය මහනගර සභාවේ සභාපති චන්දන ලාල් කරුණාරත්න මහතා පවසනවා.

මේ හේතුවෙන් නුවරඑළිය නගරයේ පිහිටි නවාතැන් ලබාගැනීමේ ස්ථානද පිරීගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි නුවරඑළිය මහනගර සභාව සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී කුඩා දරුවන් සහ වැඩිහිටියන් සිටින නිවෙස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දී කටයුතු
කරන ලෙස සේඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.