ඊයේ සහ පෙරේදා රිය අනතුරු ජීවිත තිහක් බිළිගනී

Friday, 16 April 2021 - 7:10

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඊයේ දිනය තුළ දිවයින පුරා සිදුවු රිය අනතුරු හේතුවෙන් මරණ 16 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අතරින් මරණ 8ක් ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් සිදු වූ ඒවා වන අතර අනෙක්  මරණයන් 8 ඊට පෙර සිදු වූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයින්ගේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ.

මේ අනුව ගෙවී ගිය කාල සීමාව තුළ රිය අනතුරු  හේතුවෙන් දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඊයේ දිනයේ දී.

ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් අසූ දෙනකු පමණ තුවාල ලබා ඇති අතර මියගිය 16 දෙනාගෙන් 12 දෙනකුම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයක්.