වන විනාශය මැඩලීමට ගුවන් මෙහෙයුම් (වීඩියෝ)

Friday, 16 April 2021 - 13:29

%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු නැකැත් චාරිත්‍රයේ පැළ සිටුවීමේ නැකත අද පූර්ව භාග 06.40ට යෙදී තිබුණා.

ඊට සමගාමීව දිවයින පුරා පැළ සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ අගුණුකොළපැලැස්සේ නිවස කේන්ද්‍ර කර ගනිමින්.

අදට යෙදී තිබුණ පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සුදු හදුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඊයේ ප්‍රදානය කළේ තංගල්ල කාල්ටන් නිවසේදියි.

මේ අතර ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අනුනායක මහාලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දිවයින පුරා පොල්පැල ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන අද පැවැත්වුණේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදියි.  

එහිදී පැල සිටුවීමේ නැකතට පොල්පැල රෝපණය ආරම්භ කෙරුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරද එක්වුණා.

එහිදී ඔහු කියා සිටියේ ඩ්‍රෝන යානා මගින් පරිසර විනාශයන් සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ගුවන් හමුදාවේද සහය ඇතිව වන විනාශයන් වැළැක්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් හංවැල්ල - ලබුගම - ඉදිකඩ රක්ෂිතය ආසන්න පරිශ්‍රයේ ඊයේ පැල බෙදාදීමක් පැවැත්වුණේ පැල සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා ලබාදීමටයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා මීපැල සහ කුඹුක් පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන යටතේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories