දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි (වීඩියෝ)

Friday, 16 April 2021 - 15:41

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුව වනවිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතැම් ප්‍රදේශවලට ප්‍රබල අකුණු තත්ත්වයක් ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ගතවූ පැය 24 කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ කෑගල්ල දිස්ත්‍රිකයේ ඇල්ගම මධ්‍යම විද්‍යාලයට අයත් ප්‍රදේශයන්ටයි





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories