ඇමෙරිකාවට ප්‍රතිචාර දක්වන බව රුසියාව කියයි

Friday, 16 April 2021 - 15:45

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝ බයිඩ්න් පරිපාලනය විසින් පනවනු ලැබූ සම්බාධක වලට නියත වශයෙන්ම ප්‍රතිචාර දක්වන බව රුසියාව පවසනවා.

එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා ශකරෝවා සඳහන් කළේ සම්බාධක පිළිබඳව විමසීමට මොස්කව් නුවර ඇමෙරිකානු තානාපති ජෝන් සුලෙයිවන් කැඳවනු ලැබූ බවයි.

ඇමෙරිකානු මැතිවරණවලට මැදිහත් වීම, සයිබර් ප්‍රහාර ඇතුළු වෙනත් පසමිතුරු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා නගමින් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවනු ලැබුවා. එමෙන්ම, ඇමෙරිකාවේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් දස දෙනෙකු ද පිටුවහල් කෙරුණා.

රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියේ ඇමෙරිකාවේ පසමිතුරු ක්‍රියා දෙරට අතර, ගැටුම්කාරි තත්ත්වයක් මතුකරන බවට මීට පෙර ද අනතුරු ඇගවා තිබූ බවයි.