මුව ආවරණ නොපැළඳීමට ඉන්දියාවෙන් රුපියල් 10,000 දක්වා දඩ

Friday, 16 April 2021 - 16:49

%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+10%2C000+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B6%A9
කොරෝනා වෛරස් වසංගතය උත්සන්න වෙමින් පවතින ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කර ඇති අතර, මුව ආවරණ නොපළඳින පුද්ගලයන්ට රුපියල් දහසක දඩයක් නියම කිරීමට නියෝග කර තිබෙනවා.

පළමුවර වරදට හසුවූවන්ට එලෙස රුපියල් දහසක දඩයක් පැනවුව ද නැවත වරක් එලෙස මුව ආවරණ නොපැළඳ හසුවුවහොත් රුපියල් දස දහසක දඩයක් පැනවෙනු ඇති.

එමෙන්ම, ඉරිදා දිනයන්හිදී ප්‍රාන්තය මුළුමනින්ම වසා දැමීමට ද ප්‍රධාන අමාත්‍ය යෝගි අදිත්‍යනාත් නියෝග කළා.

ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වූ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් එරට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන අතර, ඊයේ දිනයේදී ද නව ආසාදිතයන් 61,000 කට වැඩි පිරිසක් හඳුනා ගැණුනා.

ඉන්දියාවේ සමස්ත දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද ඊයේ නැවතත් දෙලක්ෂය ඉක්මවූවා.