ආනයනික ආහාර ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දීමක් (වීඩියෝ)

Friday, 16 April 2021 - 17:22

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරනු ලබන ආහාර වර්ග වල හානිකර ද්‍රව්‍ය අඩංගුදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම්කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කළ යුතු බවත්, අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් ගිණුම්කාරක සභාව ප්‍රකාශ කළ බවයි.

ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍ර වී ඇති බව ගිණුම්කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

මෙරටට ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍යවල ද, ශරීරයට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කාරක සභාවේදී සඳහන් කර තිබෙනවා.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී නිසි නියාමන ක්‍රමයක් සැකසීම ඉතා වැදගත් බව මෙහිදී කාරක සභාවේ මතය වී ඇති බව සඳහන්.

ඊට අදාළව ද කඩිනමින් පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories