හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට

Friday, 16 April 2021 - 19:21

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙටට යෙදී තිබෙනවා.

හෙට පෙරවරු 7.16 ට දකුණු දිශාව බලා, හිසට නුගපත් ද, පයට කරඳපත් ද තබා, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය සිදුකරන ලෙසයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

එසේම, හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ - විද්‍යාලංකාර මහා පිරිවෙනේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, හිරු මාධ්‍ය ජාලය මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරන්නේ නවගමුව පුරාණ පත්තිනි දේවාල පුදබිමේ සිටයි.

එම තොරතුරු හිරු ටී.වී. ඔස්සේ සජීවිව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories