රට කඩිනමින් විවෘත නොකරන බව ඕස්ටේ්‍රලියාව කියයි

Sunday, 18 April 2021 - 17:21

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය රටේ ජාත්‍යන්තර දේශසීමාවන් යළි විවෘත කිරීමට හදිසියක් නොමැති බව ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

ඔහු කියා සිටියේ එවැනි පියවරකින් ඕස්ටේ්‍රලියානුවන් දැන් ගත කරන නිදහස් ජීවන රටාවට බාධාවක් සිදුනොකළ යුතු බවයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ඕස්ටේ්‍රලියාව පසුගිය වසරේ මාර්තු මාසයේදී තම රටේ පුරවැසියන් නොවන සියල්ලන් සඳහා එරට දේශසීමාවන් වසා දැමුවා.

කෙසේ නමුත් පසුගිය මාස කිහිපය තුළ සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවසර ලබාදුන් නමුදු එහිදී ප්‍රමුඛත්වය හිමි වූයේ විදේශයන් හි සිට පැමිණෙන ඕස්ටේ්‍රලියානුවන්ටයි.

දේශසීමා වසා දැමීම මෙන්ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ ආදී පියවර තුළින් ඕස්ටේ්‍රලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 29,500කට සීමා වූ අතර එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 910ක්.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කළේ ලොව අනෙකුත් රටවලට වඩා වෙනස් පියවර අනුගමනය කිරීමෙන් තම රට ලබා සිටින තත්ත්වය අවදානමට ලක් කළ නොහැකි බවයි.