ඉරාකයේ ගුවන් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

Monday, 19 April 2021 - 7:54

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ඇමරිකානු හමුදා රැඳී සිටින ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි බලාඩ් ගුවන් හමුදා කඳවුර වෙත රොකට් ප්‍රහාර 05ක් එල්ල වී තිබෙනවා.

ඊයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් විදේශීය කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සහ ඉරාක සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙහි වගකීම කිසිවෙකු භාරගෙන නොමැති අතර, ඉරානය සමඟ සම්බන්ධතා පවතින ඉරාක කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පළ කෙරෙනවා.