නව දිල්ලි නුවර Lockdown කෙරේ

Monday, 19 April 2021 - 12:59

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+Lockdown+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොරෝනා ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නවදිල්ලිය ඇතුළත් දිල්ලි කලාපය අද රාත්‍රී 10යේ සිට දින 6ක කාලයක් සඳහා වසා දැමීමට ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් තීරණය කළා.

ඊයේ දිනයේදී ද දිල්ලියෙන් නව කොරෝනා ආසාදිතයින් 25,500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර, කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කෙරුණු පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු බව සඳහන්.

දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එහි සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳ වැටීමට ලක් නොවූව ද එයට දැරිය හැකි ප්‍රමාණය ඉක්මවා යමින් පවතින බවයි.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 73,810ක් වාර්තා වූ අතර, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව ද එක්කෝටි 50 ලක්ෂය ඉක්ම වූවා.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 1619ත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 78,000කට අධිකයි.  

මේ අතර ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ලබන 25 වෙනිදාට යෙදී තිබූ ඉන්දීය සංචාරයද කල් දමා තිබෙනවා.