රට ගොඩ නැගීමේදී විදෙස් රටවල සහය අවශ්‍යයි - අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් (වීඩියෝ)

Monday, 19 April 2021 - 19:44

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රටක් ගොඩනැගීමේදී විදේශ රටවල සහයෝගය ලබා ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් ප්‍රකාශ කළා.

ඒ, කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබදව අදහස් දක්වමින්.

මේ අතර, මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් බැහැ දැකීමට පැමිණියා.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරයා අමරපුර සංඝ සභාවේ වැඩබලන සභාපති උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියන් ද බැහැ දුටුවා.

මෙහිදී වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබදව රාජ්‍ය අමාත්‍යවරයා අමරපුර සංඝ සභාවේ වැඩබලන සභාපති උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගම්තුනේ අස්සජී හිමියන් හා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් වෙත පැහැදිලි කිරීමක් සිදුකළා.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පවසමින් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලිපියක් භාර දුන්නා.

එසේම ජාතික විද්වත් භික්ෂු සංසදය ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමටයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories