රුපියල ශක්තිමත් වෙයි

Monday, 19 April 2021 - 20:03

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 191යි ශත 97ක් ලෙසයි.

එහි ගැණුම් මිල රුපියල් 187යි ශත 93ක්.

පසුගිය 15 වන දා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටුණේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 204යි ශත 62ක් ලෙස සටහන් කරමින්.

මෙරට විදේශ සංචිතය මාර්තු මාසය අවසානයේ ඩොලර් බිලියන 4.1ක් දක්වා පහත වැටීම රුපියලේ අගය අවප්‍රමාණ වීමට බලපා තිබෙනවා.

කෙසේ නමුත්, පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් හිමිවීම විදේශ සංචිතය මෙන්ම රුපියල ශක්තිමත් කිරීමට ද බලපා ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories