ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන තීන්දුවෙන් පසු ඇමරිකාවේ යළි වෙඩි තැබිමක්

Wednesday, 21 April 2021 - 13:59

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජෝර්ජ් ෆ්ලෝයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ තීන්දුව ලබා දී එහි උණුසුම ඉක්ම යන්නටත් මත්තෙන් ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ පොලිස් නිළධාරියෙකුගේ වෙඩි තැබීමෙන් කළු ජාතික තරුණියක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පිහි ඇණුමක් සම්බන්ධයෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව විමර්ශණයට ගිය අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ ප්‍රාන්තයේ ජනතාව නොසන්සුන්තාවයට පත්ව ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් අවුරුදු 20ට අඩු මෙම යෞවනියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

පසුගිය වසරේ මැයි මස 25 වනදා මින්නියාපොලිස් ප්‍රදේශයේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති නැමති කළු ජාතිකයා දණහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ සිද්ධියට ඩෙරික් චෝවින්ග් නැමති සුදු ජාතික පොලිස් නිලධාරියා වරදකරු කරනු ලැබුවා.

ඒ, 12 දෙනෙකුගෙන් සමන්විත ජුරියක් විසින්.