කැනඩාව, ඉන්දියානු සහ පාකිස්තාන ගුවන් ගමන් නවතයි

Friday, 23 April 2021 - 10:25

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන ගුවන් ගමන් දින 30ක කාලයක් සඳහා අත්හිටුවීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

එරට ප්‍රවාහන අමාත්‍ය ඕමාර් අල් ගබ්රා ප්‍රකාශ කළේ එම තහනම ඊයේ සන්ධ්‍යාවේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද දෙවන දිනටත් තුන්ලක්ෂය ඉක්ම වූ අතර, මරණ සංඛ්‍යාව ද 2200කට අධිකයි.

පාකිස්තානයේ ද කොරෝනා ව්‍යාප්තිය මේ වන විට ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 5857ක්.