අතුරුදන් වූ ඉන්දුනීසියානු සබ්මැරීනය සොයා, දැවැන්ත මෙහෙයුමක්

Friday, 23 April 2021 - 13:48

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හමුදා අභ්‍යාසයක් අතරතුර අතුරුදන් වූ පුද්ගලයන් 53 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු සබ්මැරීන යාත්‍රාව සොයා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුමට යාත්‍රා 25ක් එක්ව සිටින බව එරට හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අච්මාඩ් රේඩ් ප්‍රකාශ  කළා.

ඒ සඳහා සිංගප්පූරුවෙන් ද මුදා ගැනීමේ යාත්‍රාවක් අද දිනයේ එක්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව ඕස්ටේ්‍රලියාව ද මුදා ගැනීමේ යාත්‍රා දෙකක් එවීමට පොරොන්දු වී ඇති අතර, එක්සත් ජනපදය විසින් ගුවන් නිරීක්ෂණ කණ්ඩායමක් එවීමට නියමිතයි.

එමෙන්ම, යාත්‍රාව සොයා ගැනුණහොත් එහි සිටින පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ද සූදානම් කර තිබෙනවා.

මේ අතර, යාත්‍රාවේ පවතින ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ හෙට අලුයම 3 දක්වා  පමණක් බව ඉන්දුනීසියානු නාවික හමුදා ප්‍රධානියා සදහන් කළා.

එමෙන්ම, සම්බැරීන කුටීරය තුළ කාබන් ඩයොක්සයිඩ් ගොඩනැගීම ද එහි සිටින නාවිකයන්ගේ ජීවිතවලට තර්ජනයක් බව ඔහුගේ අදහසයි.