හිමාල අඩවියටත් කොරෝනා

Friday, 23 April 2021 - 14:00

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
නේපාලයේ එවරස්ට් කඳු තරණයේ නිරතව සිටි විදේශීය කඳු නගින්නෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

නෝර්වේජියානු කඳු නගින්නෙකු මෙලෙස දින 6 ක් එවරස්ට් කඳු තරණයේ නිරත වීමෙන් පසු හෙලිකොප්ටරයක් මගින් ඉවත් කර ගැණුනේ එහිදී රෝගාතුර වීම හේතුවෙන්.

පසුව, කත්මන්ඩු නුවර රෝහල් දෙකකදී සිදුකළ පරීක්ෂාවන් 3කින් ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔහුට සහය වූ නේපාල ෂර්පා වරයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන්.

හිමාල අඩවියෙන් මෙලෙස කොරෝනා රෝගය වාර්තා වන්නේ ගෝලීය වසංගතය හේතුවෙන් වසරකට වැඩි කාලයක් වසා දමා තිබූ එවරස්ට් කඳු තරණය සඳහා නේපාල බලධාරින් යළි ඉඩ ලබාදීමෙන් අනතුරුවයි.

එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමෙන් නේපාලය වාර්ෂිකව උපයන මුදල ඩොලර් මිලියන 4 කට අධිකයි.