රුසියාවේ සිට වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානා දෙකක් ඉන්දියාවට

Friday, 30 April 2021 - 15:10

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
රුසියාවේ සිට වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානා දෙකක් ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ රුසියානු තානාපති නිකොලොයි කුදාෂෙව් කියා සිටියේ හදිසි වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර රැගත් ගුවන් යානා දෙකක් මේ වනවිට ඉන්දියාවට පැමිණ ඇති බවයි.

මේ අතර, බි්‍රතාන්‍යයේ සිට ඔක්සිජන් ඇතුළු වෛද්‍ය ආධාර රැගත් තුන්වන නෞකාව ද අද උදෑසන ඉන්දියාවට ළඟා වී තිබෙනවා.

එමෙන්ම, රුමේනියාවෙන් සහ අයර්ලන්තයෙන් ද ඉන්දියාවට වෛද්‍ය ආධාර ලැබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.