චීනයේ සිට වෛද්‍ය සැපයුම් රැගත් ගුවන් යානයක් ඉන්දියාවට

Saturday, 01 May 2021 - 17:44

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
චීනයේ ටියැංජින් වරාය නගරයේ සිට ඔක්සිජන් ඇතුලු වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානයක් අද ඉන්දියාවට ළඟාවී තිබෙනවා.

එරට වානිජ සමාගමක් විසින් මිලදී ගත් බහලුම් 12 ක් එලෙස රැගෙන විත් ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඇරින්ඩම් බග්චි ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ.

ඉන්දියාව තුළ පවතින දරුණු වසංගත තත්වය හමුවේ රටවල් රැසකින් දැනටමත් වෛද්‍ය ආධාර ලැබී ඇති අතර, රුමේනියාවේ සිට ද ආධාර රැගත් ගුවන් යානයක් පැමිණ තිබුණා.

 තායිවාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඔක්සිජන් රැගත්  ගුවන් යානයක් ඉදිරි සතියේ ඉන්දියාවට යැවීමට කටයුතු කරන බවයි.