මාර්තුවේ කළ අනතුරු ඇඟවීම නොසළකා හැරි බවට ඉන්දීය අගමැතිට චෝදනා

Saturday, 01 May 2021 - 19:54

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඉන්දියාව තුළ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පැතිරෙන බවට විශේෂඥයන් පසුගිය මාර්තු මාසයේ කළ අනතුරු ඇඟවීමක් අගමැති නරේන්ද්‍ර මෝදි  නොසළකා හැර ඇති බවට රොයිටර් පුවත් සේවය අද අනාවරණයක් සිදුකළා.

ඒ, ඉන්දියාවේ මිලියන 19 කට අධික පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති පසුබිමකයි.

රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේ ඉන්දීය  විද්‍යාත්මක උපදේශක සංසදය අදාළ අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි.

එම අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන ඉන්දීය රජය සීමාවන් පැනවීමට පියවර නොගත් බව එම සංසදයේ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ පාලක භාරතිය ජනතා පක්ෂයේ නායකයින් මෙන්ම විපක්ෂ දේශපාලනඥයින්ගේද සහභාගීත්වයෙන් පසුගිය දිනවල දේශපාලන රැළි සහ ආගමික උත්සව පැවැත්වුණේ මුව ආවරණ නොමැතිව මිලියන ගණනක් වන ජනතාව සමූහ වශයෙන් එක්රැස් කරමින්.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත නව ප්‍රභේදයක් ඉන්දියාවේ ඇති බවට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඍජුවම දැනුවත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

අප්‍රේල් 17 වනදා ප්‍රාන්ත මැතිවරණයට පෙර පැවති රැළියක් අමතමින් මෙතරම් ජන සමූහයක් මීට පෙර  රැළියකදී දැක නොමැති බවට අගමැති මෝදි සිදුකළ ප්‍රකාශයද මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

විශේෂඥ පිරිස් විසින් දැනුවත් කර තිබියදී ජනතාවගේ ජීවිත අවදානමට හෙලීමට ඉන්දීය පාලකයන් කටයුතු කර ඇති පසුබිමක ඉන්දියාව මේ වනවිට දැඩි මානුෂිය අර්බුදයකට මුහුණදී සිටිනවා.

පසුගිය අප්‍රේල් 22 වනදා සිට දෛනිකව එරටින් ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තාවූ අතර, අද එය ලක්ෂ හතර ඉක්මවා වාර්තා වීම විශේෂත්වයක්.

රෝහල් පිරිී ගොස් ආදාහනාගාර සහ සුසාන භූමිවල පවා ඉඩ නොමැති තත්වයක් තුළ රටේ පවතින ඔක්සිජන් හිඟය හමුවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරයෙකු ඇතුලු අටදෙනෙකු පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඔක්සිජන් සැපයුම නතර කිරීම හේතුවෙන්.

මේ අතර නවදිල්ලි මහාධිකරණය අද මධ්‍යම රජයට නියෝගයක් ලබාදුන්නේ දිල්ලි නුවර සෑම රෝහලකටම උපරිම ධාරිතාවයෙන් ඔක්සිජන් සැපයීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම ඔක්සිජන් ටොන් 490 ක් මිලදී ගැනීමට ද දිල්ලි මහාධිකරණය මධ්‍යම රජයට නියෝග කර තිබෙනවා.