තමිල්නාඩු ඡන්දයෙන් මෝදි පසුබසී - DMK වසර 10කට පසු බලයට එන ලකුණු

Monday, 03 May 2021 - 8:42

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%93+-+DMK+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දැනට ගණනය කර ඇති ඡන්දවලට අනුව ඩී.එම්.කේ පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව වසර 10ක් තමිල්නාඩුවේ විපක්ෂයේ සිටි ඩී.එම්.කේ පක්ෂය මෙලෙස පාලන බලයට පැමිණෙනු ඇති.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මෝදි සහය දක්වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ ප්‍රාන්ත මැතිවරණයෙන් පරාජයට පත්ව තිබෙනවා.

ඩී.එම්.කේ පක්ෂයේ ජයග්‍රහණයත් සමග තමිල්නාඩු ජනතාව නිරෝධායන නීති නොතකා වීදි බැස ප්‍රීති ඝෝෂා පවත්වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.