ටජිගිස්ථාන - කිර්ගිස්ථාන දේශසීමා ගැටුමකින් 46 ක් මරුට

Monday, 03 May 2021 - 9:17

%E0%B6%A7%E0%B6%A2%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+46+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ටජිගිස්ථානය සහ කිර්ගිස්ථානය අතර දේශසීමාවේ ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

දේශසීමාව ආසන්නයේ පිහිටි ජල පහසුකම් සපයන ස්ථානයක නිරීක්ෂණ කැමරා සවි කිරීමේ සිද්ධියක් ගැටුමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ටජිකිස්ථානයේ බැට්කන් ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර, ගැටුමෙන් ගොඩනැගිලි 100කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ මිය ගිය පුද්ගලයින්ගෙන් 34 දෙනෙකු කිර්ගිස්ථානුවන් වන අතර, ඉන් 12 දෙනෙකු ටජිකිස්ථානුවන් බවයි.