පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Tuesday, 04 May 2021 - 8:07

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කොරෝනා පැතිර යාමත් සමඟ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආයතන තුළ සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කම්කරු නිලධාරින් සොයාබැලීම් සිදුකරන බවයි.

කම්කරු අමාත්‍යවරයා, සේවා යෝජකයින් සහ වෘත්තිය සමිති ඇතුළත් කාර්ය සාධක බලකාය මීට පෙර ගනු ලැබූ තීරණයකට අනුව නිරෝධායනය වන පුද්ගලයින්ට වැටුප් ගෙවීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළා.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා පෞද්ගලික අංශයේ සේවකයින් 12,000 ත් 14,000 ත් අතර ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.