IPL අත්හිටුවයි

Tuesday, 04 May 2021 - 13:16

IPL+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අයි.පී.එල්. අත්හිටුවයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමට තරඟ සංවිධායකවරුන් තීරණය කළා.

ඒ, ක්‍රීඩකයන් සහ නිළධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමගයි.

මේ අතර, ඉන්දියාවේ මුළු ආසාදිතයන් දෙකෝටිය ඉක්මවා වාර්තා වන තත්වය හමුවේ ඇමරිකානු ෆයිසර් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එම සමාගම, ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තරඟ සංවිධායකවරුන් අද තීරණය කළේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිලධාරින් තුන්දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග අද තරඟ වැදීමට නියමිතව සිටි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.