ඉනෙන් පහළ අප්‍රාණිකව දරුවන් තිදෙනෙකු සමග ජීවිතය ජය ගන්නට උත්සාහ දරණ වාස් (වීඩියෝ)

Tuesday, 04 May 2021 - 13:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අභියෝග කියන්නේ මිනිසුන්ගේ ආත්ම ශක්තිය පෙන්වන්නට හිමිවන හොඳම අවස්ථාවක්.

අභියෝග ජය ගැනීමට අවශ්‍යවන්නේ ශක්තිමත් හිතක් තිබීම පමණක් කියන දේ අපේ මේ කතාවේ හිමිකරු මොනවට විදහා දක්වනවා.

ඉනෙන් පහළ කොටස අප්‍රාණිකව දරුවන් තිදෙනෙකු සමග ජීවිතය ජය ගන්නට උත්සාහ දරණ වාස්ගේ කතාවයි මේ.

මේරියන්ස් දේවප්‍රිය වාස්, කල්පිටිය මොහොත්තුවාරම දූපතේ උපත ලබා තිබුණේ ධීවර මව්පිය යුවළකට දාවයි.

සාමාන්‍ය දරුවකු සේම කල්ගත කළ වාස් වයස අවුරුදු 14දී රෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර සඳහා කල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස දූපතින් පිටවන වාස් යළි දූපතට පැමිණෙන්නේ වයස අවුදු 19දී වන අතර ඒ වනවිට ඔහු ඇවිදීමට නොහැකි තත්ත්වයට පත්ව තිබුණේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්.

කෙසේ වුවත් සිය අලුත් ජීවිතයට හුරුවූ මේ දිරිය මිනිසා දිවි සරි කර ගැනීමේ අපේක්ෂාවෙන් මුහුදු යෑමට අදිටන් කර ගත්තේ කෙසේ හෝ ජීවිතය දිනන බවට තමාටම පොරොන්දු වෙමින්.

ජීවිතය ජයගන්නට උත්සාහ ගත් වාස්ගේ ලෝකයට ආලෝකයක් වෙන්න ඔහුගේ බිරිඳ මේනකා හමුවන්නේ ඔහුට වයස අවුරුදු 21කදීයි.

මේ වනවිට දියණියන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වන්නටද වාස් වාසනාවන්ත වෙලා.

ශක්තියෙන් හීන ඉනෙන් පහළ කොටස මෙහෙයවමින් වාස් මේ නිරත වෙන්නේ නිරෝගී පුද්ගලයෙකුටත් වඩා අසීරු ක්‍රියාවලියක්.

හෙට දවසේ ජීවිතය දිනන්නට වෙර දරණ මේ තරුණ ජවයට ශක්තියක් වෙන්න, ඔහුගේ නොනිමි මෙහෙවරට සවියක් වෙන්න ඔබටත් හැකිනම් එයින් ඔවුන්ගේ ජීවිත එළිය කරන්නට හැකිවනු නොඅනුමානයි.