එක්ලක්ෂ 94,000කට සරසවි අයදුම් කිරීමට වරම්

Tuesday, 04 May 2021 - 18:44

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+94%2C000%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව අයදුම්කරුවන් එක්ලක්ෂ 94,297 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ප්‍රතිඵල අද පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදා හැරුණු අතර, නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් දෙලක්ෂ 77,625 දෙනාගෙන් එක්ලක්ෂ 78,337 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පැරණි නිර්දේශය යටතේ 24,146 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 15,960ක්.  

ඒ අනුව විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන් වන තුන්ලක්ෂ 1171 දෙනාගෙන් සියයට 64.39ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 72 නෙකුගේ සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 14 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සියළුම පාසල්වල ප්‍රතිඵල ලේඛන ඉදිරි දිනකදී විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, අද නිකුත් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය චාවකච්චේරිය - හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්භවන් විසින් හිමි කරගෙන තිබෙනවා.

කලා අංශයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ දෙහිවල - ප්‍රෙස්බි්‍රටේරියන් කාන්තා විද්‍යාලයේ චමල්කා සෙව්මිනී ශිෂ්‍යාවයි.


එමෙන්ම වාණිජ අංශයේ ප්‍රථමයා විමට අමන්දි ඉමාෂා සමත්ව තිබෙනවා.

ඇය සංඟමිත්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා.
 
2020 උසස් පෙළ, ජෛව පද්ධති තාක්ෂණවේද විෂය ධාරාව, දිවයිනේ ප්‍රථම ස්ථානය සුසික සඳසර ලබා ගෙන තිබෙනවා.

ඇය හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනයේ ලැබූ සිසුවියක්.