කැකිරාවෙන් ආසාදිතයින් 38ක් (වීඩියෝ)

Tuesday, 04 May 2021 - 19:37

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+38%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අලුත් අවුරුද්ද නිමා වීමෙන් පසු අනුරාධපුර - කැකිරාව ප්‍රදේශයෙන් මේ දක්වා ආසාදිතයන් 38 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් දස දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඉපලෝගමින් ආසාදිතයින් 17 දෙනෙකු, වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

මේ අතර, ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අලුත් අවුරුද්දෙන් පසු ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වීමත් සමග 600 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

දඹුල්ල මහනගර සභා බලප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් 60 දෙනෙකු මේ දක්වා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස්වල රැදී සිටින බව වාර්තා වනවා.

එමෙන්ම දින 9ක කාලයක් පුරා වසා දමා තිබූ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය හෙට අලුයම 5 සිට දැඩි සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. ඒ, පවතින කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් රෝගීන් එම පරිශ්‍රයේ රැඳී සිටීමේ කාලය අවම කිරීමේ අරමුණින්.

එමෙන්ම, රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍ය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව 011 533 21 53 හෝ 011 236 99 31 සිට 34 දක්වා යන අංකවලට ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකියි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියළුම සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට සිට තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.