කොරෝනා රෝගීන් 58 ක් දැඩි සත්කාර ඒකකයේ

Tuesday, 04 May 2021 - 19:41

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+58+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A
ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝගීන් සඳහා අමතර ඇදන් 10,000ක් වෙන් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබිමේ විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ මේ වන විට දැඩි සත්කාර ඒකකවල කොරෝනා රෝගීන් 58 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන බවයි.

පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන සියළු දොරටු විවෘත කර අද මෙම විවාදය පැවැත්වුණා.

මේ අතර, හෙට පැවැත්වීමට සැලසුම් කර තිබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය කල් තැබීමට පක්ෂ නායකයින් තීරණය කළා. ඒ, එම පනත් කෙටුම්පත පිළිබද ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයාට මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබුණු පසු මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී එම විවාදය පැවැත්වීමටයි අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණේ.

 ඒ අනුව හෙට දිනයේදී ද කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.