හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාව (වීඩියෝ)

Tuesday, 04 May 2021 - 19:52

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%92.%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත පොලිසිය ඊයේ කොළඹදී වටලනු ලැබුවා.

ඒහිදී නිරෝධායන නීති උල්ලඝනය කළ පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් 19 අවදානම් තුන්වන මට්ටම යටතේ පසුගියදා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ පසුගිය සිකුරාදා යළි සංශෝධනය කෙරුණා.

ඒහිදී ජනතාව රැස්වන රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු අල්ලන ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන වසාදැමුනා.

රටතුල ඒවැනි තහනමක් පවතිද්දී හිරු සී.අයි.ඒවෙත තොරතුරු වාර්තාවුයේ ඊයේ රාත්‍රියේ කොළඹ - බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාත්‍රී සමාජ ශාලාවක සාදයක් සංවිධානය කර ඇති බවයි.

දිනපතා කොවිඩ් 19 ආසාධිතයන් ඉහළම ප්‍රමාණයක් වාර්තාවන අවදානම් තත්ත්වයක් හමුවේ සිදුකිරීමට යන මෙම නීති නොතකන සාදය පිළිබදව අප පොලිසිය දැනුවත් කළා.

හිරු සි.අයි.ඒ. ලබාදුන් එම තොරතුරු අනුවයි ඊයේ රාත්‍රී 11.00 ට පමණ සාදය සංවිධානය කළ රාත්‍රී සාමාජ ශාලාව මෙලෙස වටලනු ලැබුවේ.