වෙනත් රටවල අය මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවයි (වීඩියෝ)

Tuesday, 04 May 2021 - 20:06

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ සලකුණ වැඩසටහනට එක්වෙමින්.

මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගිය දා චෝදනා කළා.