මාලි රාජ්‍යයේ මවක් දරුවන් 9 දෙනෙකු බිහිකරයි

Wednesday, 05 May 2021 - 9:49

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලිහි මවක් දරුවන් 9 දෙනෙකු බිහිකිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

25 හැවිරිදි හාලිමා සීස නම් මෙම මව සිසේරියන් සැත්කමක් මගින් මෙම දරුවන් බිහි කර ඇති බව සඳහන්.

ගැහැණු දරුවන් පස්දෙනෙකු සහ පිරිමි දරුවන් හතරදෙනෙකු ඇය බිහිකර තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් මීට පෙර අනාවරණ කරගෙන තිබුණේ දරුවන් හත්දෙනෙකු ඇයගේ ගර්භාෂයේ සිටින බවටයි.

එම දරුවන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.