මියන්මාරයේ චන්ද්‍රිකා රූපවාහිනී තහනමක්

Wednesday, 05 May 2021 - 15:26

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මියන්මාරයේ මිලිටරි ජුන්ටාව, එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් චන්ද්‍රිකා  රූපවාහිනි නාලිකා පරිශීලනය තහනම් කර තිබෙනවා.

එසේ චන්ද්‍රිකා  රූපවාහිනි නාලිකා පරිශීලනය කළහොත් වසරක සිර දඬුවමකට යටත් විය හැකි බවයි මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය පෙබරවාරි මාසයේ අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගනිමින් මියන්මාරයේ මිලිටරි ජුන්ටාව පාලන බලය අල්ලා ගත් අතර එදින සිට මේ දක්වා හමුදා පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වෙනවා.