තවත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

Thursday, 06 May 2021 - 6:19

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 2ක් අද උදෑසන සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ සුභද්‍ර ලංකා මාවත ග්‍රාම නිලධාරී වසමත් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

ඊයේ දිනයේත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 117,529ක් ලෙසයි.

මේ අතර, නව ආසාදිතයින්ගෙන් 1897 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 42 නෙකු ආසාදිතයන් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 16,720ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපහක්.