බටහිර බෙංගාලයේ මැතිවරණ ගැටුම්වලින් 17 ක් මරුට

Thursday, 06 May 2021 - 9:59

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+17+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මැතිවරණයෙන් පසු ඇති වූ ගැටුම්වලින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය ඉරිදා සිට ඇති වූ ගැටුම්වලින් මෙම පිරිස මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

බටහිර බෙංගාලයේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් මෙතෙක් එහි බලයේ රැදී සිටි ත්‍රිනමූල් කොංග්‍රසය ජයග්‍රහණය කළා.

ඔවුන් එම ජයග්‍රහණය ලැබුවේ තුන් වන වරටයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ත්‍රිනමුල් කොංග්‍රසයට සහය දක්වන පිරිස් සහ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් අතර මෙම ගැටුම් ඇති වී තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.