නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ මනම්පිටියේ පුරාවස්තු (වීඩියෝ)

Thursday, 06 May 2021 - 15:06

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන නිධන් හොරුන් විසින් කඩා විනාශ කර ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව පවසනවා.

එම සංඝ සභාවේ භික්ෂුන්වහන්සේ මෙම අදහස් පළ කලේ නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති එම ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ඓතිහාසික දිඹුලාගල ආරණය සේනාසනයට අයත් කොස්ගහ උල්පත ප්‍රදේශයේ පිහිටා ඇති පිරිනිවන් මංචක සැතපෙන පිළිමය ඇතුළු පුරා විද්‍යා කමකින් හෙබි වටිනා චෛත්‍ය දෙකක් නිදන් හොරුන්කඩා විනාශ කර තිබෙනවා.

මේ පිළිබද සැලවීමත් සමග දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ භික්ෂුන්වහන්සේ මෙම ස්ථානයට වැඩම කළා.

මෙහිදී නිරීක්ෂණය වුයේ පිරිනිවන් මංචකයේ සැතපෙන පිළිමය පිටුපසින් නිධදන් හොරුන් විසින් හෑරීමකට ලක් කර ඇති බවයි.

විහාරස්ථානයේ පිහිටා ඇති චෛත්‍ය පැන් පොකුනු කිහිපයක් ද නිධන් හොරුන්ගේ ග්‍රහණට නතුව තිබෙනවා.

මෙම පුරා විද්‍යා විනාශය පිළිබදව පිරිනිවන් මංචකයේ ගල්කුටියක මේ වනවිට භාවනා කිරීම සදහා පැමිණ සිටින භික්ෂුන්වහන්සේ නමකගෙන් ප්‍රශ්න කෙරුනේ මෙලෙසින්.

මෙම විනාශය පිළිබදව අප පොලොන්නරුව පුරා විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ මේ පිළිබදව අරලගංවිල පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

පිරිනිවන්මංචකයේ නිරීක්ෂණයෙන් අනතුරුව එහි වැඩම කළ මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories