මන්ත්‍රීවරියකගේ රහස් වීඩියෝවක් නගර සභාව ගිනි තියයි (වීඩියෝ)

Thursday, 06 May 2021 - 18:53

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මහරගම නගර සභාවේ අද පැවති මාසික මහා සභා රැස්වීම අතරතුර ගුටිබැට හුවමාරුවක් සිදුවුණා.

ඒ නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන සාවිත්‍රි ගුණසේකර සහ නිශාන්ත විමලචන්ද්‍ර අතරයි.

නගර සභාවේ මන්ත්‍රී කාමරයක් තුළ ඇතිවූ සංවාදයක් පාලක පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී සාවිත්‍රි ගුණසේකර පසුගියදා වීඩියෝ කර තිබුණා.

ඇය විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමට එරෙහිව අද පැවති මාසික මහා සභා රැස්වීම අතරතුරදී මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවුනා.

එම සංවාදය අදාළ මන්ත්‍රීවරිය වීඩියෝ ගතකර ඇති අතර ඇය අසලට පැමිණි පාලක පක්ෂයේම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා ඊට විරෝධය පළකිරීමත් සමග එය අවසන් වූයේ ගුටිබැට හුවමාරුවකින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories