නවදිල්ලියේ ආසාදිතයන් අඩුවෙයි

Thursday, 06 May 2021 - 19:28

%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නවදිල්ලි අගනුවරින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 25 කට වඩා පහත බැස ඇති බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා.

අප්‍රේල් 18 වනදා සිට මේ දක්වා එම අගනුවර ආසාදිතයන් අඩුවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.  අප්‍රේල් 22 වනදා වනවිට නවදිල්ලි අගනුවර ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය පැවතියේ සියයට 36.3 ක් ලෙසයි.

කෙසේ වෙතත් ගතවූ පැය විසි හතර තුළද ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවා වාර්තා වුණා.

එම ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 12,618 ක් වන අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට මිලියන 21 ඉක්මවා තිබෙනවා.

මේ අතර උග්‍ර ඔක්සිජන් හිඟයකින් පෙළුනු දිල්ලි ප්‍රාන්තයේ නවදිල්ලි අගනුවරට ඔක්සිජන් මෙටි්‍රක් ටොන් 730 ක ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

දිල්ලියේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 700 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර චෙංගල්පත්තු වෛද්‍ය විද්‍යාල රජයේ රෝහලේ ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  

මේ අතර ඉන්දියාවෙන් මෙරටට මගීන් පැමිණීම දින 14 ක කාලයකට අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය අද පියවර ගනු ලැබුවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories