බ්‍රසීලයේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමකදී 25 දෙනෙකු ජීවිතක්ෂයට

Friday, 07 May 2021 - 8:29

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+25+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මත්ද්‍රව්‍ය වැටලීමකදී ඇති වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය මෙහෙයුම දියත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ළමයින් සිය කල්ලිවලට බඳවා ගන්නා බවට ලැබුණු තොරතුරකට අනුවයි.

වෙඩි හුවමාරුවේදී දුම්රියක ගමන් ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුටද වෙඩි වැදී ඇති අතර, එහිදී ජීවිත හානි වාර්තා වී නැහැ.

කෙසේ නමුත්, රියෝ ද ජැනයිරෝ පොලිස් ප්‍රධානියා සඳහන් කළේ මෙය එහි පොලිස් මෙහෙයුමකදී මියගිය වැඩිම සංඛ්‍යාව බවයි.