මාලදිවයින් හිටපු ජනපති නෂීඩ් බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගනී

Friday, 07 May 2021 - 9:29

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%82%E0%B7%93%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පෙරමුණ ගත් 53 හැවිරිදි නෂීඩ් සිය නිවසෙන් පිටත මෝටර් රථයට ගොඩවීමට සැරසෙද්දී යතුරුපැදියක අටවා තිබූ බෝම්බය පිපිරීගොස් ඇති බව සඳහන්.

මාලදිවයිනේ රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත් බවයි.

තුවාල ලබා ඇති නමුදු ඔහුගේ තත්ත්වය ස්ථාවර බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

සන්නද්ධ පොලිස් සහ හමුදා සාමාජිකයින් ප්‍රහාරය එල්ල වූ ස්ථානයට රැකවල් ලා තිබෙනවා.

මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ්ට මෙම ප්‍රහාරය එල්ල වූයේ මාලේ නුවර ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීමට සුළු වේලාවකට පෙරයි.

මාලේ නුවර කේන්ද්‍ර කොටගෙන පැතිරෙන කොරෝනා රැල්ල මැඬපැවැත්වීමටයි මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත්තේ.

මාලදිවයිනේ ප්‍රථම බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් 2008 වසරේ ජනාධිපති ධූරයට තේරී පත්වූ මොහොමඩ් නෂීඩ්ගේ පාලන බලය 2012 වසරේදී අබ්දුල්ලා යමීන් විසින් පෙරලා දැමූ අතර, පසුව ඔහුට ත්‍රස්තවාදී චෝදනා මත වසර 13 ක සිරදඬුවම් නියම කෙරුණා.

කෙසේ නමුත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා බි්‍රතාන්‍යයෙන් නික්මුණු නෂීඩ් නැවතත් 2018 වසරේ සිය රට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සටනට එක්වුණා.

2019 වසරේ පැවති මැතිවරණයෙන් පසු ඔහු මාලදිවයින් කතානායකවරයා ලෙස තේරී පත්වුණා.

මොහොමඩ් නෂීඩ්, අබ්දුල්ලා යමීන් පාලන සමයේදී චීනයෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීමට විරුද්ධ වූයේ රට චීනයට උකස් කරන බවට චෝදනා කරමින්.