IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පවත්වන්න ආරාධනා

Friday, 07 May 2021 - 17:12

IPL+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ප්‍රකාශ කළේ තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් පාලක මණ්ඩල සමග සාකච්ඡා කරන බවයි.

විස්සයි විස්ස, ලෝක කුසලාන තරගාවලියට පෙර එය පැවැත්වීම තම අපේක්ෂාව බවත්, තරගාවලිය අවලංගු කළහොත් ඉන්දීය රුපියල් කෝටි 2500ක් පමණ අහිමිවන බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බරයේ මෙරටදී පැවැත්විය හැකි බවයි.

ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යෝජනා වී ඇතත් ශ්‍රී ලංකාව ලබාදෙන අවස්ථාව හේතු රැසක් නිසා ප්‍රතික්ෂේප නොකළ යුතු බව ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීම නිසා තරගාවලියට එක්වූ විදේශීය ක්‍රීඩකයන් රැසක් මාලදිවයිනට පැමිණ තිබෙනවා.

ඒ තම රටවල් බලා යාමට පෙර නිරෝධායනයට ලක්වීමටයි.

එංගලන්ත ක්‍රීඩකයන් වන ඉයන් මෝගන්, ජොස් බට්ලර්, සෑම් කරන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස් සහ ජේසන් රෝයි ද ඊට අයත්.

ඩේවිඩ් හසී, පැට් කමින්ස් වැනි අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් රැසක්ම මේ වනවිට මාලදිවයිනට පැමිණ ඇති අතර, මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ද ඒ අතර වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

මාලදිවයිනේදී නිරෝධායනයට ලක්වීමෙන් පසු මහේල ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් පිල නිවේදනය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories