තවත් කොරෝනා ආසාදිතයන් 1097ක් හමුවෙයි

Friday, 07 May 2021 - 18:17

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1097%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 120,521ක් ලෙසටයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 878ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුව ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 101763ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 18013ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 745ක්.

මේ අතර කොරෝනා එන්තේ පළමු මාත්‍රාව මේවන විට පුද්ගලයන් 928776 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 177235කට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories