ඇෆ්ගනිස්ථානයේ පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Sunday, 09 May 2021 - 15:43

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තදාසන්නයේ බාලිකා පාසලකට ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 150 කට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුවා. ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කලේ තලේබාන් සංවිධානයටයි.

පාසල ඉදිරිපිට මෝටර් රථ බෝම්බයක් පුපුරුවා එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය බහුතරයක් එම පාසලේ ශිෂ්‍යාවන්.

සිද්ධිය හෙලා දකිමින් නොබෙල් සාම ත්‍යාගලාභී පාකිස්ථාන යොවුන් ක්‍රියාකාරිනි මළාලා යූසුෆායි ද ට්විටර් සටහනක් එක් කර තිබුණා.

ඇය පාකිස්ථානයේදී තලේබාන් වෙඩි පහරට ලක්වූයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන්. ප්‍රහාරයෙන් මියගිය දැරියන්ගේ අවසන් කටයුතු අද සිදුකෙරුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.