ජෙරුසෙලම යළි ඇවිලේ

Sunday, 09 May 2021 - 19:22

%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
ජෙරුසෙලම් පුරවරයේ ඊශ්‍රායල පොලීසිය සහ පලස්තීනුවන් අතර ඊයේ යළිත් ගැටුම් හට ගත්තා. ඒ එහි අල් - අක්සා දේවස්ථානයේ යාච්ඤා මෙහෙය සඳහා පැමිණි දහස් සංඛ්‍යාත පිරිස් ඊශ්‍රායල පොලීසිය විසින් නතර කිරීමත් සමඟයි.

සිකුරාදා දිනයේදී ද මෙලෙස ගැටුම් හට ගත් අතර, එහිදී පලස්තීනුවන් 200 කට අධික පිරිසක් සහ ඊශ්‍රායල පොලිස් භටයන් 17 දෙනෙකු තුවාල ලැබුවා. ජෙරුසෙලම් අල් - අක්සා දේවස්ථානය මුස්ලිම්වරුන්ගේ වැදගත් පූජ්‍යස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

ඊශ්‍රායලය, පලස්තීනුවන් සිය අනාගත දේශයේ අගනුවර ලෙස සලකන නැගෙනහිර ජෙරුසෙලමෙන් පලවා හැරීම ද මෙම ගැටුම්වලට එක් හේතුවක්.