ඉතාලියට එකවර නීතිවිරෝධී සංක්‍රමණිකයින් දහසක්

Monday, 10 May 2021 - 7:42

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
 දහසකට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයින් ඉතාලියේ ලම්පෙඩූසා දිවයිනට ළඟා වී තිබෙනවා.

ඊයේ පැය කිහිපයක් ඇතුළත යාත්‍රා කිහිපයකින් ඔවුන් මෙලෙස ඉතාලි දිවයිනට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන් එක් යාත්‍රාවක කාන්තාවන්, ළමයින් ඇතුළු 400 කට අධික පිරිසක් සිටි බව සඳහන්.

ලම්පෙඩූසා නගරාධිපති ටෝටෝ මාටෙලෝ සඳහන් කළේ යහපත් කාලගුණ තත්ත්වයක් පැවතීම මෙලෙස සංක්‍රමණිකයින් විශාල පිරිසක් එක්වර පැමිණීමට හේතුව විය හැකි බවයි.

ඉතාලියේ ලම්පෙඩූසා දිවයින යුරෝපයට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් මුලින්ම ළඟා වන නැවතුම්පොලක්.

මේ වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී සංක්‍රමණිකයින් 11,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම දිවයිනට පැමිණ ඇති අතර, පසුගිය වසරේ එම කාලය තුළ පැමිණ ඇති සංඛ්‍යාව 4,105 ක්.

මෙලෙස නීතිවිරෝධී සංක්‍රමණිකයින් විශාල පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් ඉතාලියේ ජනප්‍රිය දේශපාලනඥයෙකු වන මැට්ටියෝ සැල්වීනි, අග්‍රාමාත්‍ය මාරියෝ දාගි සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ මිලියන සංඛ්‍යාත ඉතාලි වැසියන් දුෂ්කරතාවට පත්ව ඇති මොහොතේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් දහස් ගණනක් භාර ගැනීම ගැටළුවක් බවයි.

සැල්වීනි ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ ලම්පෙඩූසා දිවයිනට පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයින් අවදානමකට ලක් කරමින් හරවා යැවීම පිළිබඳව අධිකරණ විභාගයකටද මුහුණ දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories