24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරයි

Tuesday, 18 May 2021 - 9:36

24+%E0%B7%83%E0%B7%84+25+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලබන 24, 25 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි.

ඊට අදාල චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසිමකදි සදහන් කළේ.

මෙම රජයේ නිවාඩු දින සඳහා බැංකු සහ වෙළඳ නිවාඩු අදාළ නොවන බවද ඔහු කියා සිටියා.

මේ අතර මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (17) ප්‍රකාශ කළා.

යළිත් එදිනම රාත්‍රී 11 සිට මැයි 28 සිකුරාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.