රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප ලබන සිකුරාදා

Tuesday, 18 May 2021 - 12:31

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F
රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබාදීමට රජය තීරණ කර තිබෙනවා.

ඒ අනුව එම වැටුප ලබන 21 වන සිකුරාදා දිනයේ ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප අලුත් අවුරුද්දට පෙර ලබාදී තිබීම ඊට හේතුවී තිබෙනවා.

මේ මස 24 සහ 25 යන දෙදින රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමේ චක්‍රලේඛය රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසින් නිකුත් කර තිබෙනවා.

රජයේ සංචරණ අවම කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම මෙහි අරමුණ බවයි ලේකම්වරයා කියා සිටියේ.