විජයග්‍රහණයේ දොළොස් වන වසර සැමරුම (වීඩියෝ)

Tuesday, 18 May 2021 - 20:22

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අද මැයි 18 වැනිදා

මීට දොළොස් වසරකට පෙර කුරිරු කොටි ත්‍රස්තවාදය මව් බිමින් සඳහටම අතුගා දමන්නට වීරෝදාර රණවිරුවන් සමත් වුණේ අද වැනි දිනකයි.

මේ ඒ වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති තබව ප්‍රණාම පූර්ණ සටහනයි.

1975 ජුලි 27 යාපනය පොන්නාලෛ ප්‍රදේශයේ වර්ධරාජා පෙරුමාල් මහා විශ්ණු කෝවිල ඉදිරිපිටදී ඇසුණු වෙඩි
හඩත් සමඟ කොටි ත්‍රස්තවාදීන් සිය ඝාතන රැල්ල ඇරඹුවා.

ඔවුන්ගේ ගොදුර බවට පත්වුණේ එවක යාපනය නගරාධිති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතායි.

1983 ජූලි 23 යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් පුපුරුවා හරිමින් හමුදා ජීවිත13ක් බිලිගත් කොටි සංවිධානය මෙරට හමුදාවට එරෙහිව සිය ඝාතන සංස්කෘතිය ආරම්භ කළා.

ඉන් පසුව වසර ගණනාවක් පුරා ඔවුන් සිය ලේ පිපාසය සංසිඳුවාගත්තේ සිය දහස් ගණනකගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගනිමින්.

ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාළිගාව වැනි පුණ්‍ය භූමි පමණක් නොව ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන් තොටුපොළ වැනි ආර්ථික මර්මස්ථාන ඔවුන්ගේ ඉලක්ක බවට පත්වුණා.

1990 වසරේ ඇරඹෙන දෙවන ඊළාම් යුද්ධය අවසන් වන්නේ 1993 වසරේදීයි.

එම තුන්වසර තුළ මෙරට කීර්තිමත් රණවිරුවන් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න,මොහාන් ජයමහ ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදුවා.

2002 වසරේ සිට සිව් වසරක කාලයක් තුළ සටන් විරාම ගිවිසුමක් අත්සන් කරමින් පැවති එක්සත් ජාතික පක්ෂ රජය සාම සාකච්ඡා වට කිහිපයක් ඔස්සේ යුද්ධයට වෙනත් විසඳුමක් ලබාදීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.

එම කාලය අතරතුර පවා හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් වැනි දේශමාමක චරිත සදහටම නිහඬ කරමින් කොටි ත්‍රස්තවාදීන් ප්‍රදර්ශනය කළේ සිය සිත් පිත් නැති ලේ පිපාසයේ තරම මිස අන් කිසිවක් නොවේ.

තවත් දේශපාලන චරිත රැසක්ම කොටි ත්‍රස්තයින්ගේ ඉලක්ක බවට පත්වුණා.