වෙඩි වැදී රෝගාතුර වූ ඇතෙක් වෙනුවෙන් පිරිත් සජ්ඣායනයක් (ඡායාරූප සහ වීඩියෝ)

Sunday, 23 May 2021 - 11:31

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%8A%E0%B6%A3%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාදයකට වෙඩි වැදීම හේතුවෙන් බරපතල තත්වයේ පසුවන ඇතෙක් වෙනුවෙන් පිරිත් සජ්ඣායනාවක් සිදු කිරීමේ පුවතක් වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 12ක් පමණ වන මෙම ඇතා වැවක් ආසන්නයේ වැටී සිටින අතර ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් ද දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිපති හිමියන් පිරිත් සජ්ඣායනාව සිදුකර ඇති අතර එම අවස්ථාවට වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වනජීවී නිලධාරීන් මෙන්ම වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ද එක්ව තිබෙනවා.

දින 15ක පමණ කාලයක සිට තුවාල ලබා වැටී සිටින ඇතාට උතුරු පළාත් භාර පශූ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර සිදුකරමින් පවතිනවා.

ඇතාගේ ආරක්ෂාව වන්නි යුද හමුදා නිලධාරීන් විසින් සිදුකරන අතර එම සත්වයා මේවන විට බරපතල තත්වයේ සිටින බවයි වනජීවී නිලධාරී ප්‍රකාශකර ඇත්තේ.

මෙම ඇතාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැමිණීමට නියමිත බව ද සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories