එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ හටගත් ගින්න මේ වනවිට මැඩපැවැත්වීම හැකි වුවත්, රටක් ලෙස අප මේ වනවිට දරුණු පාරිසරික ගැටළු රැසකට මුහුණ දී සිටිනවා.
ඒ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් කාන්දු වු රසායණික ද්‍රව්‍ය හා ගින්නත් සමග මුහුදට ඇඳවැටුනු බහාලුම් තුල තිබු ද්‍රව්‍ය මේ වනවිට වෙරළ තීරයවෙත ගොඩ ගසමින් තිබීම හේතුවෙන්.
මේ බලපෑම මේ වනවිට වැඩි වශයෙන්ම පවතින්නේ මීගමුවේ සිට කළුතර දක්වා වු මුහුදු තීරයටයි.
මේ හේතුවෙන් මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල වී අවසන්.
මීගමුව කලපුව මුහුදට විවර වන ස්ථානය බාධක යොදා වසා දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද පියවර ගත්තේ කලපුවට අපද්‍රව්‍ය එක්වීම වලකා ගැනීම සඳහායි.
නෞකාව ගිනි ගැනීමේදී මුහුදට එක් වු සුන්බුන් හා අපද්‍රව්‍ය ඉවත් කර මීගමුව දුංගල්පිටිය - මුහුදු තීරය පවිත්‍ර කිරීම අද ගුවන් හමුදා භටයින් 250 කගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
















Follow US







Most Viewed Stories